දකුණු ඇමරිකාවේ පැතිර යන ‘සීකා‘ රෝගය පිළිබඳ මේ වනවිට ලොව සෑම රටක්ම සූදානමින් සිටින බවත් ශ්‍රී ලංකාවද ඊට සූදානම් බවත් ඊට අවශ්‍ය තාක්ෂණික යන්ත්‍රද ශ්‍රී ලංකා වෛද්‍ය ආයතනය සතු බව වෛද්‍ය පාලිත මහීපාල මහතා අද (3) බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ මාධ්‍ය හමුවකදී පැවසීය.
ඊඩිස් ඊඩිප්ටයි මදුරුවන්ගෙන් පැතිර යන සාමාන්‍ය උණක් සමග ඇතිවන රෝගය ගර්භණී මාතාවන්ට වැළඳීමෙන් සංකූලතා ඇතිවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.



