ඉන්දිකා රාමනායක
තමන්ට අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට කිසිදු දැනුම් දීමක් කර නොමැති බව ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පැවසීය.
ඒ මහතා අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් ලංකාදීපය ඒ මහතාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට සදහා දැනුම් දෙන්නේනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් සිදුකළ යුතු බවත් මේ දක්වා තමන්ට එවැනි දැනුම් දීමක් කර නොමැති බවද විජේගුණරත්න මහතා කියා සිටියේය.
තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ සැකකරුවකු වන නාවික හමුදා හිටපු ලූතිනන් කමාන්ඩර් ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නැමැත්තාය සැගව සිටීමට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට එරෙහිව චෝදනා එල්ල වේ.

