වත්මන් ආණ්ඩුව සිසුන් සමග ඔනෑම අවස්ථාවක සාකච්ඡාකිරීමට සුදානම් බවත් එබැවින් පෙළපාලී යාමට අවශ්‍ය නොවන බවත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද(28දා) පැවසීය.
පෙළපාලියකින් සිකුරාදා (27දා) පාර්ලිමේන්තුව අසලට පැමිණි සිසුන්ටද තමා සමග සාකච්ඡාකිරීමට පැමිණෙන ලෙස දැනුම් දුන්නද කිසිදු සිසුවෙකු ඒ සඳහා නොපැමිණි බවත්, තමා ඔවුන් පැමිණෙන තුරු හවස් වනතුරුම පාර්ලිමේන්තුවේ රැදී සිටි බවත් අමාත්‍යවරයා කීය.
‘අපි ඇවිත් ඉන්නේ සිසුන් බලාගන්න. ඔනෑම අවස්ථාවක අපි සුදානම් සිසුන් එක්ක කථාකරන්න. පෙළපාලී යන්න අවශ්‍ය නැහැ. සාකච්ඡා කරන්න පැමිණෙන්න . අපි ආවේ ඔවුන් බලාගන්නයි‘ යනුවෙන් ද අමාත්‍යවරයා ප්‍රකාශකළේය.

