කටුගස්තොට මඩවල බසාර්හි ෆාතිමා ෆර්ජිසිහා මහත්මිය මහනුවර රොහලේදී අද පස් නිවුන් දරුවන් බිහි කළාය.
ඉන් හතර දෙනෙක් පිරිමි දරුවෝය.
අඩුබර දරුවන් දෙදෙනකු පේරාදෙණිය ළමා රෝහලේ නොමේරු ළදරු ඒකකයට යැවූ බව නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ දොස්තර කපිල ගුණවර්ධන කියයි.
වෛද්‍යවරුන් වන ජීවන්ත, අචල, ප්‍රදීප්, අපේක්ෂා සහ නිලංග මහත්ම මහත්මීහු සැත්කමට සහාය වූහ.
මේ මව වසර හතරක්ම දරුවන් නොමැතිව සිටියාය.