එදා ලැබූ නිදහස වඩාත් ශක්තිමත් කිරීමට වත්මන් පරපුරට නව නිපුණතා, දැනුම හා තාක්ෂණය සඳහා ප්‍රවේශය ලබාදී එමඟින් රටේ ජීවගුණය දල්වාදිය යුතු බව නිදහස් දින විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියයි.
සියවස් ගණනක් පැවැති ජාතික සමගිය මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ඛා පිළිවෙත අනුව වඩාත් අර්ථවත් කළ යුතු බව ජනපතිවරයාගේ පණිවිඩයේ සඳහන්ය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තම නිදහස් දින පණිවිඩයෙන් කියා සිටින්නේ සමගියෙන් රැස්වී සමගියෙන් සාකච්ඡා කර සමගියෙන් විසිර යාමේ ලිච්ඡවි රජ සිරිත ලංකාව තුළ තහවුරු කළ යුතු බවයි. මින් ඉදිරියට නව චින්තනයක් යටතේ ජාතික සමගිය නැවත තහවුරු කර එමඟින් සංහිඳියාව ඇතිකර ගත යුතු බව අගමැතිවරයා සඳහන් කරයි.
විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා නිදහස් දින පණිවිඩයක් නිකුත් කරමින් කිසිදු අන්තගාමී බලවේගයකට නැවත හිස එසවීමට ඉඩ නොදිය යුතු බවයි. ජාති, ආගම් හා කුලබේද පසෙකලා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ යහපාලන වැඩපිළවෙළට සහයෝගය දිය යුතු බවද ඒ මහතාගේ පණිවිඩයේ සඳහන්ය.

