‘සිවරාම් කොටියෙක් නොවේ‘


ඝාතනයට ලක්වූ ධර්මරත්නම් සිවරාම් කොටි සාමාජිකයෙකියි ලේබලයක් අලවා තිබුණත් ඔහු කිසි කළෙක කොටි සංවිධානයට සහාය නුදුන් බව මාධ්‍යවේදී කුසල් පෙරේරා කොළඹ මහාධිකරණයේදී අද ප්‍රකාශ කළේය.

2005 අප්‍රේල් 26 වැනිදා බම්බලපිටිය අවන්හලකදී ඔහු හමුවී අඩියක් ගැසූ බවත්, තමා ඔහුගෙන් සමු ගනිද්දී දෙදෙනකු පැමිණ ඔහු බලෙන් පැහැරගෙන කළු පැහැති පැජරෝ රියක දමාගෙන ගිය බවත්, එදා රාත්‍රියේම ඔහු මරා දමා ඇති බවත්, කුසල් පෙරේරා සාක්කි දෙමින් පැවසීය.

තාරකීය යනුවෙන් ද හැඳින් වූ සිවරාම්, ටැමිල්නෙට් වෙබ් අඩවියේ පුරෝගාමියා වන බවත්, ඔහු කොටි සංවිධානයට සහාය නුදුන්නත්   ඔහු මළ පසු ඔහුගේ දේහයට කොටි සංවිධානයේ උත්තමාචාරය ලැබුණු බවත්, කොටි සංවිධානයේ ඉහළම ගෞරව නාමය වන මාමනිදන් ගෞරව නාමයෙන් පිදූ බවත් කුසල් පෙරේරා පැවසීය.

සිවරාම් පැහැරගෙන ගොස් මරා දැමී යැයි සැකපිට අතුරු හමුදා නායකයකු වන ආරුමගම් ශ්‍රී ස්කන්ධරාජා චෝදනා ලැබ සිටියි.

වැඩිදුර විභාගය ජූනි 19ට කල් තැබිණි.