මෑන් පවර් සේවකයින් සියලූ දෙනා ඉදිරි මාස දෙකේදී ස්ථිර කරන බවත් මින් ඉදිරියට මෑන් පවර් සේවකයින් බඳවා නොගන්නා බවත් විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
වත්මන් රජය බලයට පත්වන විට විදුලි බල මණ්ඩලයේ සේවකයින්ගෙන් තුනෙන් එකක්ම සිටියේ මෑන් පවර් සේවකයින් බව කී අමාත්‍යවරයා ඔවුන්ගෙන් 2500ක් තමා අමාත්‍යධූරය භාරගෙන මාස දෙකක් තුළ ස්ථිර සේවයට ඇතුළත් කර ගත් බව ද පැවසීය.
අවශ්‍යතාවය අනුව හදිසි මිලදී ගැනීම් ලෙස විදුලිය මෙගා වොට් 50ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලයේ සහ ආර්ථික කමිටුවේ අනුමැතිය ලැබී ඇතැයි ද සියඹලාපිටිය මහතා පැවසීය.