රාජ්‍ය බලය, ධන බලය හා මැර බලය යොදාගන මැතිවරණ කටයුතු සිදුකරන්නට රජය උත්සහ කළත් ජනවාරි අට වැනි දා ජන බලයට ඒ සියල්ල යටත් වන බව පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා උඩු නුවර පැවති ජන රැළියක් අමතමින් කීවේය.
වත්මන් ආණ්ඩුව මහා නායක හිමිවරුන්, රාජ්‍ය නිලධාරීන් හා ඇමැතිවරුන් කියන දේට සවන් නොදෙන පාලනයක් බවත් සිරිසේන මහතා පැවසීය.
‘ගෙදර ඉන්න පුංචි කුමාරයා තාත්තේ මට මහ නුවර වැව අයිනේ කාර් රේස් යන්න ඕනෑය කියා කිව්වම, ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ට සවන් නොදී කාර් රේස් පැවැත්වුවා. උතුරේ දුම්රිය මාර්ගය විවෘත කරද්දී සියලු දෙනා සතුටු වුණා. හැබැයි දුම්රිය මාර්ගය හදනකොට මුල් ඇස්තමේන්තුව කිලෝමීටරයට රුපියල් මිලියන 44යි. එතැනින් ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා ඉවත්කර ඇස්තමේන්තුව වෙනස් කළා කිලෝමීරයට රුපියල් මිලියන 340ක් ලෙස.
ආණ්ඩුව කියනවා නීතිය රකින බව. මහ පාරවල් අයිනේ විශාල කටවුට් ගැසීමෙන් කරන්නේ මැතිවරණ නීතිය රැකීමද? ‘




