මීළඟ නෙල්සන් මැන්ඩෙලා හා මහත්මා ගාන්ධි ශ්‍රී ලංකාවෙන් බිහිවන බව කියමින් ජාත්‍යන්තරය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සුබාසිංශන එකතු කළද අපේ රටේ ජනතාව ඒ පිළිබඳ හොඳ මනසකින් නොදැකීම ගැන තමන් කනගාටු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය.
සන්ධාන නව මහලේකම් ලෙස පළමුවරට මාධ්‍ය අමතමින් එසේ පැවසූ අමරවීර මහතා සන්ධානයේ නැති සන්ධානය සමග තරග කරන නොකරන සියලු පක්ෂ සමග සාකච්ඡා කර ඒ පිරිසද සන්ධානයට යොමු කරගෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස ඉදිරි මැතිවරණයට තරග කිරීමට කටයුතු කරන බව ද කීවේය.


