තම ඉදිරි පාලන කාලයේදී රට සියලූ දෙයින් පරිපූර්ණ සුරංගනා ලෝකයක් කිරීමට නොහැකි වුවත් යහපත් සමාජයක් බිහිකිරීමට අවශ්‍ය සියලූ දේ සිදුකරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපතිධූරයට පත්ව ගතවූ පළමු වසරේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් සුරැකෙන ප‍්‍රබුද්ධ සමාජයකට අඩිතාලම දැමුවා සේම ඉදිරි කාලයේ දී රටේ පිරිසිදු දේශපාලනයක් ඇතිකිරීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා ස`දහන් කළේය.
වැරදි කරන අයට දඬුවම්දීමට වඩා වැදගත් වන්නේ වැරදිවීමට හේතුවන දේ නැතිකිරීම බව කී ජනාධිපතිවරයා දේශපාලනය තුළ පිරිසිදුභාවය රැකීමේ ප‍්‍රධාන වගකීම පැවරෙන්නේ පක්‍ෂවල නායකයින්ට බවද පැවසීය.
‘මාර්තු 12 ව්‍යාපාරයේ’ පළමු සංවත්සර උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ජනපති එසේ කීවේය.
‘‘මම පිරිසිදු දේශපාලනය වෙනුවෙන් පෙනී සිටිමි’’ තේමාව යටතේ පැවති මෙම උත්සවයේදී නවක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් රැුසක් ඒ වෙනුවෙන් පිරිසි`දු දේශපාලනයකට තමන් කැපවන බවට ප‍්‍රතිඥාව ලබා දීමද සිදුවිය.




