රටක් ලෙස පෙරට යාමට නම් ජාතික සංහිඳියාව පිළිබද ගැටළුවට ස්ථීර විසඳුමක් දිය යුතු බවත්, එහි දී රටේ සියලූ ජන වර්ගයන්ට සාධාරණය ඉටුවිය යුතු බවත් ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වන කාර්යාලයේ සභාපතිනි හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.
මෙම ක්‍රියාදාමයේ දී 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද අවශ්‍ය සංශෝධන සහිතව පදනම් කර ගත හැකි බව ඇය සඳහන් කළාය.
හිටපු ජනපතිනිය මේ බව පැවසුවේ ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ආරම්භ කර ඇති ජාතික සමඟිය හා සංහිඳියාව සඳහා වන කාර්යාලයේ පළමු මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි කමිටු ශාලා ‘ඊ‘ හිදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
මෙම කාර්යාලය මගින් ජාතික සමගිය හා සංහිඳයාව ඇති කිරීම වෙනුවෙන් සැලැස්මක් සකස් කරන බවත් එහි දී තම පාලන සමයේ ඉදිරිපත් කර තිබූ බලය විමධ්‍යගත කිරීමේ යෝජනාලියේ සිට, උගත් පාඩම් පිළිබඳ ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාව, උදලාගම වාර්තාව, විද්වත් කමිටු යෝජනා ආදියත් සැලකිල්ලට ගන්නා බව ද ඇය කීවාය.
මෙම වැඩපිළිවෙල යටතේ රටේ අනාගතය වන දරුවන්ගේ සිත්වල සංහිඳියාව පිළිබඳ හැගීම් වර්ධනය කිරීමේ වැඩමුළු මාලාවක්, උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය, ත්‍රෛභාෂා අධ්‍යාපන ප්‍රතිපත්තිය ඇති කිරීම, සිංහල අලූත් අවුරුදු, තෛපොංගල්, දීපවාලි, රාමසාන් ආදී ආගමික හා සංස්කෘතික උත්සව දෙක බැගින් තෝරාගෙන සියලූ දරුවන්ගේ සහභාගීන්වයෙන් පාසල්වල සැමරුම් උත්සව පැවැත්වීම, පාසල් පෙළ පොත්වල ඇති ජාතික සංහි`දියාවට හානි වන ආකාරයේ දේවල් ඉවත්කිරීම, සාමය හා සංහිඳියාව පිළිබඳව වන විෂයක් පාසල් විෂය ධාරාවට ඇතුළත් කිරීම, යුද්ධය නිසා මානසික පීඩාවන් ඇති වූ අයට මානසික සහනය ලබාදීම ආදී කටයුතු ක්‍රියාත්මක කරන බවද ඇය කීවාය.
ශ්‍රී ලංකාවට එරෙහිව තිබූ ජාත්‍යන්තර ගැටලූවට දේශීය විසඳුමක් ලබාදීමේ වැඩපිළිවෙල ද මේ වන විට ආයතන 4ක් යටතේ සිදු කෙරෙන බව කී හිටපු ජනපතිනිය එයට ජාත්‍යන්තරය ද එකඟ වී ඇතැයි ප්‍රකාශ කළාය.


