මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ හසිදි අභාවය ගැන අසා අතිශයින් ශෝතයටත් කම්පාවටත් පත් වූ බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කියති.
බොහෝ කාලයක සිට උන්වහන්සේ ඇසුරු කිරීමටත්, රටේ පොදු කටයුතු වල දී හවුල්ව කටයුතු කිරීමටත් ලැබීම තමා ලද භාග්‍යයක් බව ද අගරදගුරුතුමෝ සඳහන් කරති.
අගදරගුරුතුමන් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.
‘ශ්‍රී ලංකා දේශයේ පොදු ජන ජීවිතයට බලපාන විවිධ ප්‍රශ්න ඉදිරියේ නිහඬව නොසිට තමන් අදහන බුදු දහමේ ඉගැන්වීම්වලට අනුකූලව එඩිතර නායකත්වයකින් කටයුතු කළ අපගේ නාහිමියන් අප දේශයට මහඟු අශිර්වාදයක්ම වූ බව පැහැදිලිය.
එවැනි අවස්ථාවල දී අන්තර් ආගමික සංහිඳියාව තුළ අප සමඟ ද හවුල් වෙමින් ඒ කළ මහඟු සේව අපි අගය කරමු. සික්ෂාකාමී සංඝ පීතෘන් වහන්සේ නමක් ලෙස උන්වහන්සේගේ ආදර්ශමත් ජීවිතය ද අපට ශක්තියක්ම විය. එබැවින් සෝභිත නාහිමිපාණන්ගේ අභාවය ගැන දුක්වන අපි, උන්වහන්සේ කවදත් පැතූ අමා මහ නිවන් සුවය උන්වහන්සේට ලැබේවායි ඉත සිතින් පතා සිටිමු.‘‘

