‘සිංහලයන් කරකාර බැඳීමෙන් වැදි පරපුර නැතිවෙනවා‘


වනාන්තරය අහිමි වූ තම පරපුර ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස රජය සලකන බවත්, ඒ නිසා වැදි රැහේ සිරිත් විරිත් නොරැකෙන බවත්, රැකියා සඳහා සිදාදියට යන වැදි කැකුළන් කැකුළියන් සිංහලයන් සමග අවාහ විවාහ වීමෙන් ආදිවාසී පරපුර පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් ඇතිවී ඇති බවත් ආදි වාසී නායක ඌරුවලිගේ වන්නිලඇත්තන් කියයි.

ඔහු මෙසේ ද කීවේය.

ආදිවාසි පරම්පරාව අනාගතයෙදි දකින් නොලැඛෙන පිරිසක් බවට පත් වෙනවා. අද ඉන්න කැකුළන්ට කැකුළීයනට පරම්පරා දැනුම කියලා ඒ අයට  අත්දැකිමක් දෙන්න ක්‍රමයක් නෑ. අද නගරේ ළමයින්ට කියනවා වගේ පොත්වල ලියලා දෙන්න තමයි වෙන්නේ අපේ අයට කැලේ තහනම් කරාට පස්සේ කැලේ සතෙක් සිව්පාවෙක් ගැන කියලා දෙන්න විදියක් නෑ අපේ පරම්පාරවේ අය දැනගන්න ඕනෑ දෙවල් තියෙනවා වනයේ මංමුලා නොවි මග හොයන හැටි මීයක් කඩාගන්න හැටි ලෙඩකට දුකකට කැලේ ගස් මුල් වලින් බේතක් කර ගන්න හැටි කැලයට කන පුරුදු කර ගන්න හැටි නහය ඇස් පුරුදු කර ගන්න හැටි මේ කිසිම දෙයක් කියලා දෙන්න බෑ මේවා කට වචන වලට විතරක් සිමා කරන්න වෙලා .මේ තියෙන නීති එක්ක කැලයට යන්න බැරි වෙනකොට මේ අය බඩගින්නට කරන්න දෙයක් හොයනවා. හොරකම් කරන්න බැරි නිසා කුළීයක් හොයා ගෙන නගරේට යනවා .දැන් ඒ නිසා අපේ පරම්පාවේ කැකුළියෝ කැකුළෝ සිංහල අයත් එක්ක විවාහ වෙලා ඒ අයට දාව උපදින අය සිංහල ඒ අය ආදිවාසින්ගේ පරම්පරාව ගිනියන අය නොවේ.මේ අයුරින් තම පරම්පාරව පවත්වාගැනමේ ගැටළුවක් ඇති බව ඌරුවරිගේ වන්නිලෑ ඇත්තන් සදහන් කලේය. ජනාධීපති තුමත් කියනවා ආදිවාසින් ආරක්ෂා කරන්න ඕනෑ කියලා මේ පරම්පාරවන් තියෙන්න ඕනෑ කියලා හැබැයි මේ කතා කිව්වට එහෙම පරම්පරා ආරක්ෂා වෙන්නේ නෑ. කොළඹ ඉදලා තිරණ අරගෙන මේ කැලය ආරක්ෂා කර ගන්න බෑ අපේ පරම්පාරවන් ආරක්ෂා වෙන්නේ නෑ.පරම්පරාවේ  සිරිත් විරිත් කියනනේ දැකලා අහලා විතරක් රකින් පුළුවන් දෙවල් නොවේ .අත්දැකිම් තියෙන්න ඕනෑ අපි ඒ කාලේ කැලේට ගියා වැඩිහිටයේ යමක් කරාද ඒ දේ ඇයි කරේ කියලා අවබෝද කර ගත්තා අද මේ කැකුලන්ට මේ දේ වෙන්නේ මේ නිසා කියලා දැනගන්න බෑ.

පසුගිය වසරකදි මඩකලපුවේදි අදිවාසි දිනය තිබ්බා. මේ දින පොජ්ජේදි ජනාධිපති හුරාත් ඇමති හුරත් අධ්‍යාක්ෂක ජනරාල් හුරත් මංගච්චලා මේ ඇත්තෝ ගිවිසුම් පොජ්ජක් ඇන්නෑවා. මේ ගිවිසුම් පොජ්ජෙන් පස්සේ මේ ඇත්තෝ විශ්වාසලැවා.මහහුරලා කතා දැම්මාට මහහුරලා යටතේ ඉන්න හුරලා මේ එකක් වත් දන්නේ නෑ .මේ ඇත්තේ විෂ්වාස කරා ගිවිසුමෙන් පස්සේ ප්‍රශ්ණ පොජ්ජ හමර උනා කියලා එතන නීති පොජ්ජට මංගච්චපුවම තිබුනට වඩා පැටළුම් සහිත වු බව ද  දඹානේ ඌරුවරිගේ වන්නිලෑ ඇත්තන් පැවසිය.