සිංහල භාෂාව යනු වඳ වී යන භාෂාවක් බවට පත්වී ඇති බව මහාවංශය අලුතින් ග්‍රන්ථානුරූඬ කරන ඉතිහාසය පිළිබඳ මහාචාර්ය මාලනි ඈඳගම මහත්මිය පැරීසියේ දී කීවාය. මව් භාෂා දිනයේ ප්‍රධාන ආරාධිත දේශනයේදී ඇය එසේ කීවාය. ප්‍රංශයේ දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය වසරකට වරක් මව් භාෂා දිනය සමරයි.
කථීක , ජන ගායනා, පද්‍ය රචනා ආදිය සදහා පැරීසියේ දූ දරුවන් අතර තරඟ පැවැත්විණි. එම තරඟ වලින් අංජනා චරිතානි ජයලත්ගේ, ඕෂද කිරිදිආරච්චි, සෙනුරී විෂාදි ප්‍රනාන්දු, චරක අබේරත්න, දුලෝකි වික්‍රමආරච්චි, මරීන් සිල්වා, ඒෂාන් කිරිදිආරච්චි සහ සවිදු සේරම් යන දූ දරුවන් ත්‍යාග දිනා ගැනීමට සමත් වුහ. ඔවුන් සියල්ලෝම දක්ෂයෝය.
එදින උත්සවයට සහභාගිවූ බොහෝමයක් දු දරුවන් පැරිස් බෞද්ධ විහාර දහම් පාසැලේ ඉගෙනුම ලබති. එහි කෝ ආනන්ද හිමියන්ගේ හා එම ආචාර්ය මඩුල්ලේ උත්සාහයේ ප්‍රතිපල එදින වේදිකාවේ රඟ දැක්විණි.
සිංහල භාෂාව රැක ගැනීමට වෙහෙසෙන ආනන්ද හිමියන්ට විශේෂ තිලිණයක්ද ප්‍රධානය කැරිණි.
ප්‍රංශයේ දේශ හිතෛශී ජාතික දේශපාලනයෙන් තොර සමාජ සේවය සදහා කැපවී සිටින ව්‍යාපාරයක් බව එහි ප්‍රධාන සභාපති හා ප්‍රධාන ලේකම් රුවන්සිරි හා ලකී ගනේවත්ත මහත්වරු කීහ.
අද › ලංකාවේ ඉංග්‍රීසි නොමැතිව මොනවත්ම කර ගැනීමට නොහැකි පරිසරයක් උදාවී ඇති බැවින් කුඩා ළමයාගේ සිට ජාත්‍යයන්තර පාසල් ජාලය ඔස්සේ ඉංග්‍රීසි ශීඝ්‍ර සමාජ පරිවර්තනය විසින් සිංහල භාෂාවේ ඉදිරි වර්ධන වේගය අඩු මට්ටමකට පත්කරනු ලැබ ඇතැයි ඕ කීවාය. සාධක හා දත්ත ඇසුරෙන් තර්කානුකූලව ඕ ඒ බව පැහැදිලි කළාය. එසේ හෙයින් වර්තමානය වන විට සිංහල භාෂාව ලෝක භාෂාවන් අතර හුදෙකලා වී ඇතැයි ද, එය රැක ගැනීම සිංහලයන්ගේ වගකීමක් යැයි ද ඕ කීවාය.
ඇගේ දේශනය හරබර හා මනසට ගෝචර වී යැයි එහි සිටි බොහෝ දෙනෙක් කීහ.