‘සිංහල අය දෙමළත් දෙමළ අය සිංහලත් ඉගෙනීම අනිවාර්යයි‘


උතුරු නැගෙනහිර දෙමළ සිසුන් සිංහල භාෂාවත්, සිංහල සිසුන් දෙමළ භාෂාවත් ඉගෙනගැනීම  අනිවාර්ය කිරීමට පළාත් සභා පනතක් ගෙන එන බව උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් යාපනය නල්ලූර් හින්දු විද්‍යාලයේ උත්සවයකට සහභාගී පැවසීය.

සිංහල හා දෙමළ රාජ්‍ය භාෂා බැවින් උතුරු නැගෙනහිර සිංහල  රජයේ සේවකයින්ට දෙමළ භාෂාවත්, දෙමළ සේවකයින්ට සිංහල භාෂාවත් ඉගෙන ගැනීම අනිවාර්ය කිරීමට පළාත් සභා  මගින් නීතිරීති පැනවීමට තීරණය කොට ඇති බව ඔහු කීය.

එමෙන්ම සිංහල හා දෙමළ භාෂා දෙකම දැනගෙන සිටීම සංහිඳියාව වර්ධනය වීමකට වඩා ඉතා ඉහළ රැකියාවක නිරත වෙමින් රටතුළ ජීවත් වීමට පහසු තත්ත්වයක්  ඇති කරන බව ද ඔහු කීය.