‘සිංහරාජෙ ගෝනා මැරූ අය අදම අල්ලනු‘


සිංහරාජයේ  ගෝනකු මැරූ පුද්ගලයන් දේශපාලන තරාතිරම නොබලා අදම අත්අඩංගුවට ගන්නැයි වනජීවී ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා මින් මදවේලාවකට පෙර වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ට නියෝග කළේය.

ගෝනා මරා ඇත්තේ දේශපාලනඥයකුගේ සාදයක් වෙනුවෙන් නම් ඔහුත්, ඊට සම්බන්ධ සියලු දෙනාත් අත්අඩංගුවට ගන්නැයි ද ඇමැතිවරයා දැන්වීය.

එම නියෝගය කළේ ලංකාදීප එසැණ වෙබ් අඩවියේ පළ කළ ප්‍රවෘත්තිය ඇමැතිගේ මාධ්‍ය අංශය ඇමැතිට පෙන්වාදීමෙන් පසුවයි.