‘සෑම පුරවැසියකුටම ඩිජිටල් කාඩ්පතක්‘


පුරවැසියන්ගේ සියලු තොරතුරු ඇතුළත් පුරවැසි ඩිජිටල් කාඩ්පත ලබන ජනවාරි පළමු සතියේ සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබාදීමට නියමිත බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අද (14) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

පුරවැසියන්ගේ ජීව දත්ත හා ඔවුන් රාජ්‍ය ආයතන සමග සිදුකරන සියලු කටයුතු පිළිබඳ තොරතුරු එම ඩිජිටල් කාඩ්පතේ අඩංගුව බවද කී ඇමැතිවරයා වයස අවුරුදු 14න් ඉහළ සියලු ලාංකිකයන්ට කාඩ්පත ලබාදෙන බවද කීය.

මෙරට රාජ්‍ය අංශයේ කටයුතු ඩිජිටල්කරණය නොකිරීමෙන් දිනකට ඇමරිකා ඩොලර් මිලියන 2ක පාඩුවක් ලබන බවද ඇමැතිවරයා සඳහන් කළේය.