‘මේ රටේ සෑම කෙනකුටම එකම නීතිය ක්‍රියාත්මක විය යුතුයි. තමන් ඇමැති කෙනෙක් වුනත් සාමාන්‍ය පුරවැසියෙකු වුනත් තමන් වරදක් කරලා තියෙනවනම් නීතිය එක විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනෑ. ඒ නිසා ඒ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩදෙනවා අපි පක්ෂයක් ආණ්ඩුවක් හැටියට‘ යැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂීම් අද (23) මතුගම දී පැවසීය.
‘කෝප් වාර්තාව හදලා ඉදිරිපත් කිරිමේ නිදහස ලබාදීලා තියෙනවා. කෝප් වාර්තාව අනුව කටයුතු කරන්න අධිකරණ ස්වාධිනත්වය හදලා දීලා තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනකුගේ වරදක් තියෙනවානම් ඒ විදිහට නීතියේ ප්‍රතිපාදන තියෙනවා එයාලයට දඩුවම් ලබාදෙන්න‘ යැයි ද එජාප මහ ලේකම්වරයා කීය.