බිඟුන් මේනක ගමගේ
මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් පිහිටු වූ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විනාශ කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවට එහි කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා චෝදනා කරයි.
ජනාධිපතිවරයා 2015 ජනවාරි 8 සිවිල් සංවිධාන ඇතුළු ලක්ෂ හැට දෙකක ජනතාවට දුන් ප්‍රතිඥාවලට පසුපස හරවා දේශපාලන ගමනක් යද්දී සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය එයට දැඩි විවේචනයක් එල්ල කළ බවත් එනිසා ඔහු විවිධ ක්‍රියාමාර්ගවලින් සිය සංවිධානය විනාශ කිරීමට උත්සාහ කරන බවත් මහාචාර්යවරයා සමඟ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ලිපි ලේඛන සම්බන්ධයෙන් කටයුතු කළ සාමාජිකයකුගේ නොමනා ක්‍රියා නිසා ඔහුව සංවිධානයෙන් ඉවත් කිරීමට සිදු වූ නමුත් ජනාධිපතිවරයා පසුගිය නිව්යෝර්ක් සංචාරයට ඔහුව සහභාගී කරගනිමින් තම බලය අවභාවිත කිරීමට කටයුතු කර ඇති බවට මහාචාර්ය විජේසූරිය චෝදනා කළේය.
තමාට ජනපති ධූරයට එන්නට අත දුන් බලවේග ඈත්කර ගැනීමෙන් නොනැවතී ඒවා විනාශ කරන තැනකට ජනාධිපතිවරයා වැටීම කණගාටුවට කරුණක් බවත් එමගින් සැබෑවටම සිදුවන්නේ ජනාධිපතිවරයාගේම විනාශය බවත් ඒ මහතා සඳහන් කළේය.
මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ යන චරිත තුනම අසාර්ථක නායකයන් හැටියට ජනතාව අතර සන්නාම ගත වී අවසන් බවත් විවිධ වෘත්තිකයන් ඇතුළු සමාජ කණ්ඩායම් නව දේශපාලනයක් වෙනුවෙන් පෙරට ඒම සුබවාදී ලකුණක් බවත් මහාචාර්ය විජේසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
‘සාධාරණ සමාජයක් විනාශ කිරීමට ජනපති උත්සාහ කරනවා’
Recommended Articles