දේශපාලන පක්ෂයක් වෙනුවෙන් කටයුතු නොකර පාර්ලිමේන්තුවේ ස්වාධිනව හිඳිමින් ස්වාධීන බලවේගයක් නිරමාණය කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.
ආණ්ඩුවේ ඉතිරි අවුරුදු තුනේ දී රට වෙනුවෙන් කළහැකි උපරිම මෙහෙය කරවන්නට තමන් නිර්මාණය කරන නව බලවේගය මෙහෙයෙවන බවත් එය රටත් ජනතාවත් අවදිකරන බලවේගයක් බවට පත්කර ගැනීම තම අරමුණ බවත් උන්වහන්සේ කීහ.
පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඕනැම කෙනෙකුට ප‍්‍රතිත්තිමය එකඟතාවන් මත පමණක් මේ ව්‍යාපාරයට එක් විය හැකි බව ද රතන හිමියෝ පැවැසූහ.
කෙසේ වෙතත් තමන්ට ආණ්ඩුව පිළිබඳ කළකිරීමක් නැති බවත් ඇත්තේ විවේචනයක් පමණක් බවත් උන් වහන්සේ වැඩි දුරටත් පැවැසූහ.
රතන හිමියෝ මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (16) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.



