‘සහසර‘ 16දා මහනුවරින් ඇරැඹෙයි


ජනපති කාර්යාලයේ මූලිකත්වයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ  ක්‍රියාත්මක ‘සහසර‘ වැඩසටහනේ ක්‍රියාකාරී අදියර ජනවාරි 16 මහනුවරින් ආරම්භ වීමට නියමිත බව උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ (සෙමා) සභාපති අශෝක අබේගුණවර්ධන මහතා පැවසීය.

සහසර කාඩ්පත ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතාට පිළිගැන්වීමේ අවස්ථාවට එක්වෙමින් එසේ කී ඒ මහතා මේ වසරේ සිට ලංකාවේ සෑම පළාතකටම සහසර කාඩ්පත හඳුන්වාදීමට නියමිත බව ද කීවේය.

නිසි වේලාවට බස් රථ ධාවනය කිරීම, මගී ආරක්ෂාව, ගමන් ගාස්තුවෙන් 20%ක මුදලක් අඩුවීම, ඉතිරි මුදල් පිළිබඳ ගැටලු ඇති නොවීම නිසා සාර්ථක මගී ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක වන බව මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති එරික් වීරවර්ධන මහතා පැවසීය. 

webIMAG0361 webIMAG0363

ඡායාරූප හා වීඩියෝ - අකිල බද්දෙවිතාන