‘සහල් පාලන මිලට සාපේක්ෂව වී මිලත් පහළ බසී‘


සහල් සඳහා පනවා ඇති පාලන මිලට සාපේක්ෂව වී මිලද බෙහෙවින් අඩුවන බව සහල් මෝල් හිමියෝ පෙන්වා දෙති. දිවයිනේ ප්‍රමුඛ පෙළේ සහල් නිෂ්පාදකයකු වන මිත්‍රපාල ලංකේෂ්වර මහතා පොළොන්නරුවේදී මාධ්‍ය හමුවක් කැඳවා කියා සිටියේ ගොවියාගේ වී කිලෝවට ඉහළ මිලක් ලබාගැනීමට නම් දේශීය නාඩු වර්ගයේ සහල් කිලෝවක මිල රුපියල් 80ක් වත් විය යුතු බවයි.

 

පසුගිය දිනවල රුපියල් 48ක්ව පැවැති නාඩු වර්ගයේ වී කිලෝවක මිල පාලන මිලක් පැනවීමෙන් පසු රුපියල් 32 දක්වා පහළ බැස ඇති බවත් වැඩි මිලට වී මිලට ගෙන රජයේ පාලන මිල ගණන්වලට අලෙවි කිරීම සඳහා සහල් නිෂ්පාදනය කළ නොහැකි බවත් ඔහු කීවේය.