‘සල්ලි හොයන්න එක එක කතා මවනවා‘


2009 මැයි මාසයේ යුද්ධයේදී මුලතිවු හි නන්දිකඩාල් කලපුවේදී මියගිය බව ඔහුගේ ගෝලයන් විසින් හඳුනාගත් කොටි  නායක වේලුපිලේ ප්‍රභාකරන් එරිත්‍රියාවේ ජීවත් වෙතියි පළවූ පුවත් පත් වාර්තා යුද හමුදාව බැහැර කරයි. මේ පිළිබඳව ආරක්ෂක මාධය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ ත්‍රස්තවාදය පරාජය කලත් බෙදුම්වාදය පෙරටත් වඩා උත්සන්නව ඇති මොහොතක එවැනි දේට උඩගෙඩි දෙන පුද්ගලයින් මෙවැනි හොල්මන් චරිත මවන බවයි. ප්‍රභාකරන්ගේ මවත් පියාත් හමුදාව සමග කලක් ජිවත් වු බවත් ප්‍රභාකරන්ගේ සමිපතයින් නන්දිකඩාල් කලපුවේදී ප්‍රභාකරන්ගේ මිනිය හදුනාගත් බවත් මියගිය ප්‍රභාකරන් සියයට සියයක් කොටි නායකයා බවත් මාධය ප්‍රකාශක කියයි. විදෙස්ගතව සිටින කොටි හිතවාදීන්ට හා ඔවුන්ට උඩගෙඩි දෙන රාජ්‍ය නොවන සංවිධානවලට  බෙදුම්වාදයට මුදල් එකතු කිරිමට නම් මෙවැනි හොල්මනක් හෝ කරලියට ගෙනා යුතුයැයි ආරක්ෂක මාධය ප්‍රකාශක එසැණට පැවසීය.