සල්මන් ඛාන්ටද පුද්ගලයෙකු ලෙස මතයක් හා විශ්වාසයක් තිබෙන බවත් එනිසා ඔහු ශී‍්‍ර ලංකාවේ වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීමට තීරණය කළහොත් එය ප‍්‍රශ්න කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැති බවත් ශී‍්‍ර ලංකා සම්භවයක් ඇති බොලිවුඞ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් කියන්නීය.
පසුගියදා මහත් ආන්දෝලයකට තුඩුදුන් ඔවුන් දෙපළගේ ශී‍්‍ර ලංකා සංචාරය ගැන සඳහන් කරනා ඇය සල්මන් ඛාන් ශී‍්‍ර ලංකාවට පැමිණියේ තමන්ගේ ඉල්ලීමකට ප‍්‍රතිචාරයක් ලෙස බවද ඔහු කි‍්‍රයාත්මක කර තිබෙන නොයෙකුත් සහන සේවා වැඩසටහන් ගංවතුර නිසා පීඩාවට පත්ව සිටින ශී‍්‍ර ලංකා ජනතාවට සහන සැලසීම සඳහා යොදාගැනීම තම අරමුණ වූ බවද කියන්නීය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හා ඔහුගේ පුතණුවන් පෞද්ගලිකවම හඳුනන සල්මාන් ඔවුන්ගේ වේදිකාවට ගොඩවීමේ වරදක් තමන් දකින්නේ නැතැයිද ඇය කියන්නීය. වරද ඇත්තේ ඔහු පැමිණි සැබෑ අරමුණ නොදැන ඔහුට එරෙහිව කටකතා පතුරවන ඇතැමුන්ගේ බවට ඇය චෝදනා කරයි.
තමාද ජනපතිවරයාගේ වේදිකාවට ගොඩවීම ගැනද සඳහනක් කරන ඇය තම දේශපාලන මතය පෞද්ගලික දෙයක් බවත් ශී‍්‍ර ලංකාවේ දේශපාලන කටයුතු වලට කිසිසේත්ම හවුල්නොවී විපතට පත්ව සිටින ජනතාවට සහන සැලසීම තම ශී‍්‍ර ලංකා සංචාරයේ අරමුණ වූ බවත් ඇය කියයි.

