‘සරදියල් අයවැයක් ගෙනාවා‘ - රනිල්


‘මේක සරදියල්ගේ අයවැයක්.පෙහොසතාගෙන් අරන් දුප්පතාට දෙන අයවැයක්.මහින්ද චින්තනයෙන් මොකද්ද කළේ ? දුප්පතාගෙන් අරන් පොහොසතාට දුන්නා. අවුරුදු දහයක්ම කළේ ඒකයි.‘මාවනැල්ලේ ජන හමුවක් අමතමින් රනිල් වික්‍රමසිංහ අගමැති අද (01) ප්‍රකාශ කළේය.

‘අපේ රජය කළේ පොහොසතාගෙන් අරන් දුප්පතාට දීමයි.රජයේ සේවක පඩි වැඩි කළා, බඩු මිල අඩු කළා,තවත් සහන රැසක් දුන්නා.ව්‍යාපාරිකයන්  දැන් අපට කියන්නේ බදු බර වැඩියි. අපට සහනයක් දෙන්න කියලා.අපි ඔවුන්ට කියන්නේ අවුරුද්දක් විතර ඉවසන්න කියලයි.දුප්පතා අවුරුදු දහයක්ම එම බර දැරූ බව අමතක නොකළ යුතුයි.‘