‘සරණ උසාවියට නොදන්වා රට ගිහින්‘


අහසට වෙඩි තබා මරණීය තර්ජන එල්ල කොට කුඩා දරුවකු පැහැරගෙන යාමේ සිද්ධියේ පළවැනි සැකකාර ඛණිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවී ඇති බවට අනාවරණය වීම හේතුවෙන් අත්තනගල්ල අතිරේක මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කාවින්ද්‍රා නානායක්කාර මෙනවිය ඔහු දවයිනට පැමිණි වහාම විදේශ ගමන් බලපත්‍රය සමග අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඇපකරුවන් දෙදෙනාට අද නියෝග කළාය.

2009 මාර්තු 29 වැනිදා රාත්‍රී වීරගුලදී එම පැහැර ගැනීම සිදු කර ඇත.