‘සයිටම් උපාධිධාරීන් වෛද්‍ය මණ්ඩලයේ ලියාපදිංචි කළ යුතුයි‘


මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් (සයිටම්) අධ්‍යාපනය ලබා පිටවන සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෘත්තිකයින් ලෙස ලියාපදිංචි කරන ලෙස අභියාචනාධිකරණය අද (31) වෛද්‍ය සභාවට නියෝග කළේය.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලැබූ සිසුන් දෙදෙනකු ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට ගනිමින් අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මළල්ගොඩ සහ එස්.තුරෙයිරාජා මහත්වරුන්ගෙන් යුත් විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබාදුන්නේය.

එහි උපාධිය ලැබූ මල්ෂානි සුරවීරආරච්චි සහ දිලුම් සූරියආරච්චි යන සිසුන් දෙදෙනා විසින් වෛද්‍ය සභාව, උසස් අධ්‍යාපන ඇමැති, උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් පෙත්සම ගොනු කරනු ලැබ තිබිණි.