හත්වැනි වරට පැවැත්වෙන කාල්ටන් සුපිරි කී‍්‍රඩා සැණකෙළියට සමගාමීව ‘සයික්ලෝ ක්‍රොස්’ මවුන්ටන් පාපැදි තරගය තිස්සමහාරාමයේ මෝටර් කී‍්‍රඩා සමාජ සංකීර්ණයේදී මාර්තු 1 වැනිදා පැවැත්වේ.
මෙම පාපැදි තරගාවලිය ප‍්‍රධාන තරග ඉසව් 11 කින් සමන්විතය. අවුරුදු 10 න් පහළ මිශ‍්‍ර, අවුරුදු 13 න් පහළ (පිරිමි/කාන්තා), අවුරුදු 16 න් පහළ (පිරිමි/කාන්තා), අවුරුදු 19 න් පහළ (පිරිමි/කාන්තා), තරග ඉසව් මෙන්ම විවෘත පිරිමි, විවෘත කාන්තා, ප‍්‍රවීණ (වයස අවුරුදු 40 ට වැඩි), සහ විශේෂ විනෝදාත්මක (මිශ‍්‍ර) යන ඉසව් ඊට ඇතුළත්වේ.
ශ්‍රී ලංකා මවුන්ටන් පාපැදි සංගමය විසින් තාරුණ්‍යයට හෙටක් සංවිධානය සමග එක්ව සංවිධානය කරන මෙම පාපැදි තරගාවලියේ පිරිමි සහ කාන්තා විවෘත තරග ජයගන්නා අයට මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතය.
තරගාවලියේ ජයග‍්‍රාහකයින් අතර බෙදාදීම සඳහා රුපියල් ලක්‍ෂ හත හමාරකට වැඩි මුදලක් වෙන්කර ඇතිබවද සංවිධායකයෝ කියති.
මෙම තරගාවලියට සමගාමීව පාපැදි කරුවන් 2000 කගේ සහභාගීත්වයෙන් ‘පාපැදි කුණාටුව’ නමින් පාපැදි රැළියක් පැවැත්වීමටද සංවිධායක කමිටුව කටයුතු සූදානම් කර තිබේ. ඒ සඳහා පාසල් පැපැදි කරුවන් 1000 ක් අතුළත්වෙතැයි අපේක්‍ෂා කෙරේ.
තරගාවලිය අවසානයේදී තෝරාගන්නා ලද පාපැදි කරුවන් 10 දෙනෙකුට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කෙරෙන අතර එම ශිෂ්‍යත්ව හිමිකරගන්නා පාපැදි තරගකරුවන් 10 දෙනා මවුන්ටන් පාපැදි ජාතික සංචිතයට ඇතුළත් කරගැනීමටද නියමිතය.
මවුන්ටන් පාපැදි තරගාවලියට සහභාගීවීමට අවශ්‍ය පාපැදි කරුවන්ට ජාතික පාපැදි සංගමය, නො. 524, මරදාන පාර, කොළඹ 10 යන ලිපිනයට පෙබරවාරි 26 වැනිදා හෝ ඊට පෙර අයදුම් පත් යොමු කිරීම මගින් ඒ සඳහා අවස්ථාව උදාකරගත හැක.
**