‘සමින් පුතා‘ 70ක් සමග මුහුද මැද අතරමං


මිරිස්ස ධිවර වරායෙන් පසුගිය 17 වැනිදා 70ක පිරිසක් සමග ඕස්ට්‍රේලියාවට බලා ගිය බව කියන ‘සමින් පුතා‘ යාත්‍රාව ලංකාවෙන් නාවික සැතපුම් 290ක් ඈත මුහුදේ පාවෙමින් තිබෙන බව මිරිස්ස ධිවර වරායට තොරතුරු ලැබී ඇත.

උතුරු නැගෙනහිර වැසියන් පිරිසක් එහි සිටි බවත්, යාත්‍රාවේ ඇන්ජිම අබලන් වී ඇතැයි රේඩාර් පණිවුඩ මගින් දැනගත් බවත් කියති.

නාවික හමුදාවට ද මේ ගැන දන්වා ඇත.