අංජුල මහික වීරරත්න
ෆේස් බුක්,සමාජ ජාල වෙබ් අඩවි වලින් ළමා පරපුරට වන හානිය නතර කිරිම සඳහා ඉදිරියේ දී තීන්දු තීරණ ගන්නා බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය කොළඹ දී අද (1) කීවාය.
දරුවන් අන්තර්ජාලයට පිවිසිමේ දී අවශ්‍ය දේ පමණක් නැරඹීමට හැකි ක්‍රමවේද බොහෝ රටවල් අනුගමනය කරන බව කී අමාත්‍යවරිය ශ්‍රී ලංකාවටත් ඉදිරියේ දී එවැනි තීරණ ගැනීමට සිදුවනු ඇතැයි පැවසුවාය.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය මේ බව පැවසුවේ ලෝක ළමා දින ජාතික උත්සවයේ දේශණය පැවැත්විණි.
‘දිරියෙන් පෙරමුණට යන්න ළමා කැළට සවිය දෙන්න’ යන තේමාවෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සංවිධානය කළ මෙම උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
ඡායාරූප - ළහිරු හර්ෂණ




