රුපියල් ලක්ෂ විස්සක් වටිනා රන් කැබලි සිය සිරුරේ රහසිගතව සගවාගෙන රැගෙන එද්දී ගුවන් තොටුපළේදී අත් අඩංගුවටපත් පුද්ගලයා තමාගේ සබන්ධීකරණ ලේකම්වරයකු නොවන බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා කීවේය.
තමාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් තමන් සමග සිටින බවත්, අත් අඩංගුවට පත් මෙම පුද්ගලයා කෙසේ හෝ මෙම අමාත්යාං ශය මගින් නිකුත් කරනු ලබන හැදුනුම්පතක් ලබා ගෙන අමාත්යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස පෙනී සිට ඇති බව පෙනී යන බවත්, ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා නීතිය ක්රී යාත්මක කරන ලෙස තමන් රේගුවෙන් ඉල්ලා සිටි බව ද ඇමැති පැවසීය.

