‘සපීඞ්’ මෝටර් රථ සහ යතුරු පැදි ධාවන තරගාවලියේ පළමු අදියර අද සහ හෙට (16 සහ 17) යන දින වල පන්නල ධාවන පථයේදී පැවැත්වීමට නියමිතය.
තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ තරග 16 වැනිදාත්, පළමු වටයේ තරග 17 වැනිදාත් පෙ. ව. 9.00 සිට ප. ව. 2.00 දක්වා පැවැත්වේ.
සිලොන් මෝටර් රථ කී‍්‍රඩා සමාජය, කාල්ටන් මෝටර් රථ කී‍්‍රඩා සමාජය සහ ශී‍්‍ර ලංකා යුද හමුදා මෝටර් රථ කී‍්‍රඩා කමිටුව, ආසියානු මෝටර් රථ ධාවන සමාජය සමග එක්ව මෙම තරගාවලිය සංවිධානය කරයි.
මෙවර මෙම තරගාවලියේ මැක්ලරන්ස් 1300 සී. සී. තරග ඉසව්ව සඳහා නවක කී‍්‍රඩකයන් 10 දෙනෙකු සහභාගී වීමට නියමිත බව සංවිධාන කමිටුව පවසයි.
(**)