‘සටන‘ අවහිරයට සටනක්


ඉකුත් නොවැම්බර් 22 වැනි දින සවස විකාශය වූ ‘‘සටන‘‘  දේශපාලන වැඩසටහන පියෝ ටීවි චන්ද්‍රිකා නිලිකාවෙන් විකාශ විමට අවහිර කිරීම මඟින් ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගම සිය මුලික අයිතිවාසිකම් කඩවන ලදැයි සදහන් කරමින් වන්දි ලෙස රුපියල් කෝටියක් ඉල්ලා නීතිඥවරයෙක් ශ්‍රේෂ්ඨාධීකරණ හමුවේ අද (12) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

යටියන්තොට නීතිඥ මංජු ශ්‍රි චන්ද්‍රසේන මහතා විසින් ගොනුකළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විදුලි සංදේශ නියාමන කොමිසම, ජනමාධ්‍ය අමාත්‍යංශය ලේකම් ආචාර්ය චරිත හේරත්, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහත්වරුන් සහ නීති වගඋත්තරකරුවන්ය.

මෙම වැඩසටහන විකාශය බාධා කිරීමෙන් ආණ්ඩුවකට ව්‍යවස්ථාවේ 14 (1) වගන්තිය යටතේ තොරතුරු දැන ගැනීමේ අයිතියට බාධා එල්ල වී ඇති බවත් ඉන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් පොත්සම්කරු කියයි.