‘සජින් වාස් ගන්නේ නෑ‘


සජින් වාස් ගුණවර්ධන නව රජයට එක්කර නොගන්නා බවට නව රජයේ ඇමැතිවරයකු ඇතුළු දෙදෙනකු තමන්ට පොරොන්දු වූ බව  හිටපු මන්ත්‍රී අජන්ත ද සොයිසා මහතාට දැනුම් දීමෙන් පසු දෙපැයක් තිස්සේ බලපිටියේ පැවැති උද්ඝෝෂණය අවසන් විය.

පෙට්‍රල් බෝතලයක් රැගෙන වහළයට නැඟ සිටි මිනිසා ද වහළයෙන් බැස්සේය.

සජින් වාස් නව රජයට එක් කර නොගන්නා බව ප්‍රකාශ වීමත් සමඟ උද්ඝෝෂකයෝ විසිර ගියහ.

 

වීඩියෝ - දීපාල් ද සිල්වා