රජය පිළිගත් ඩෙන්ඩර් පටිපාටිය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පසුගිය රජය ක්‍රියාත්මක කරන ලද සියලු මාර්ග හා සෙසු සංවර්ධන සෙසු සංවර්ධන ව්‍යපෘති ඉදිරියට ක්‍රියාත්මක කරන බවට හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපතිවරුන් වන අමාත්‍ය සජිත් පේමදාස සහ අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරු අද 06 එකඟත්වය පළ කළහ.
නව රජයේ පළමු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ දී සම සභාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
අපි රජයට එක් වූයේ සංවර්ධන ව්‍යපෘති නතර කිරීමට නොව ඉදිරියට ගෙන යෑමට බව ද හම්බන්ටතාට වරාය මත්තල ගුවන් තොටුපළ වසා නොදමන බවද සම සභාපතිවරු මෙහි දී ප්‍රකාශ කළහ.
මාර්ග සංවර්ධනයේ දී උරහිස කාපට් නොකර එයට බොරළු දමා මාර්ග සංවර්ධනය කර මුදල් ඉතිරී කර එම මුදල් නාස්ති හා දූෂණය වී ඇති බව පෙන්වීම සාධාරණ නොවන බවද මාර්ග සංව්ර්ධනයේ දී උරහිස කාපට් කිරීම අනීවර්යෙන් සිදුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙහි දී කීය.
හම්බන්තොට ඉඩම් කිසිවකුට කොල්ල කෑමට ඉඩ නොතබන බව ද ඉඩම් නොමැති අනු පවුල් සඳහා සාධාරණ ක්‍රමයක් යටතේ ඉඩම් ලබා දීම සිදුකරන බවද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කීය.

