‘සංහිඳියාවට මුල් පියවර තැබිය යුත්තේ දකුණේ ජනතාවයි‘


ජාතික සංහිඳියාව සඳහා යන ගමනට මුල් පියවර තැබිය යුත්තේ උතුරේ ජනතාව නොව දකුණේ ජනතාව යැයි මෛත්‍රිපාල සිරිසේන  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපති මේ බව කියා සිටියේ යුද්ධය හේතුවෙන් සිය මුල් ඉඩම් අහිමිව සිටි යාපනය තෙලිප්පලෙයි හා කෝපායි ප්‍රදේශයේ අවතැන් ජනතාවට සිය මුල් ඉඩම් අක්කර 750 ක් නැවත පැවරීම හා යාපනය අධි ආරක්ෂිත කලාපයේ වසර 26 ක් වසා දමා තිබු යාපනය, කන්කසන්තුරය,නඩේශ්වරා විද්‍යාලය දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නැවත පවරාදීම සඳහා එම පාසලේදී පැවති උත්සවයක එක් වු අවස්ථාවේදිය.

‘විශේෂයෙන්ම අපි ජාතික සංහිඳියාව ගැන නිතර නිතර කතා කරනවා. මේ ගැන කතා කරන කොට ඒ කතාකරන හැම කෙනෙක්ම උතුරට තමයි එන්නෙ. මම හිතනවා එතන පොඩි වැරදීමක් වෙලා තියනවා. සංහිඳියා ගැන අත්‍යවශ්‍යයෙන්ම දැනුම්වත් විය යුත්තේ දකුණේ ජනතාව කියල මම විශ්වාස කරනවා. බොහොම වැරදි අදහස් ඇතැම් අන්තවාදී පිරිස් විසින් ඇති කරනවා. අපි සමානාත්මතා සමාජයක් පිළිබඳව නිතර කතා කරනවා. සෑම කෙනෙක්ම එක වගේ ජීවත් විය යුතුයි කියල කතා කරනවා. එහෙමනම් සෑම කෙනකුටම සමානාත්මයෙන් සැලකිය යුතුයි නේද? ඒ නිසා මම ඉතා ගෞරවයෙන් මේ රටේ සමස්ථ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා සමානාත්මතාවයේ ජීවත් විය යුතු සමාජයක් බිහි කරන්න අපි එකට එකතු වෙලා වැඩ කරමු කියලා.‘ 

jaffna_20163132 jaffna_20163132-2 jaffna_20163132-3 jaffna_20163132-4