එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු අද (8) මහනුවර දළඳා මාළිගාවට ගොස් අනතුරුව මල්වතු අස්ගිරි මහ නාහිමියෝ හමුවිය.
ශ්‍රී ලංකාවේ සංහිඳියාව ඉහළම මට්ටමින් පවතින බවත් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ජනයා එකමුතුව කටයුතු කරන බවත් ජනපති මරා දැමීමට පැමිණි ත්‍රස්තවාදියාට පවා සමාව දී ජනපති මෙරට සංහිඳියාව පිළිබඳ ආදර්ශ ලබාදී ඇතැයිද තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහ නාහිමියෝ සෙයිද් කුමරු හමුවූ අවස්ථාවේ පැවසූහ.
මේ අතර ගලගම අත්ථදස්සි අස්ගිරි මහ නාහිමියන් බැහැ දැකීමට සෙයිද් අල් හුසේන් කුමරු එම විහාරයට ගිය අතර එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයේ නිලධාරීන් මාධ්‍යවේදීන්ට එහි ඇතුළුවීමට ඉඩ නොදුන් බව මාධ්‍යවේදීහු කියති.




