දිගු කාලීන වැඩපිළිවෙළක් සහිත සංවර්ධනාත්මක අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ විසිවැනි මුදල් අමාත්‍යවරයා වන රවී කරුණානායක මහතා හෙට (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ මෙරට ඉතිහාසයේ 70 වැනි අයවැයයි.
මෙවර අයැවය අධ්‍යාපනය හා සෞඛ්‍ය යනාදී මූලික ක්ෂේත්‍රවලට කෙරෙන වියදම් කප්පාදු කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ අපේක්ෂා ඉටු කරන ලද අයවැයක් යැයි ඊට විරුද්ධව අදහස් දක්වන්නෝ කියති.