‘සංඝයා සමගි කරන්න සංඝයාටම පුළුවන්‘


භික්ෂු පනත සම්බන්ධ ප්‍රශ්නයේදී සියලු සංඝයා කැඳවා සමගි වන්නැයි කීමට මහනාහිමිවරුන්ට හැකි බවත් රජයට අවශ්‍ය නම් සංඝාධිකරණයක් පිහිටුවිය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අද (20) කොළඹ පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලයේ දී පැවැති ස්වාධීන භික්ෂු එකමුතුව සංවිධානය කළ නව ව්‍යවස්ථාව පිළිබඳ භික්ෂු කතිකාවතේදී පැවසූහ.

භික්ෂූන් වහන්සේලා දැන්වීම් දමා වෙළඳ ප්‍රචාර කිරීම, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් නවත්වන්න මහනායක හිමිවරුන්ට නීතියක් දාලා කරන්න පුළුවන් බවත් සංඝ සමාජයේ තිබෙන ප්‍රශ්න සංඝයාගේම නීතිවලින් විසඳාගත හකි බවත් ඒ හිමියෝ කීහ.

bikku_2016120292 bikku_2016120294

bikku_2016120293