‘සංගීත ගුරුවරිය බලෙන් ඉම්බාලු‘


කොළඹ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක ක්‍රීඩා ගුරුවරයකු සංගීත ගුරුවරිය බලෙන් සිප ගත් බවට පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ හා විත්තියේ සාක්කි අද අවසන් විය.

සංගීත ගුරුවරිය මේ පැමිණිල්ල කර ඇත්තේ 2011 මාර්තු 28 වැනිදාය.

පාසලේ ක්‍රිකට් හා රගර් භාර ක්‍රීඩා ගුරුවරයා සාක්කියේදී පැවසුවේ තමා ඇය සිප නොගත් බවයි.

පෞද්ගලික කෝන්තරයක් පිරිමසා ගැනීම සඳහා ඇය බොරු පැමිණිල්ලක් කර ඇති බවයි.

තමා විදුහල්පති සමග ඇති සම්බන්ධයට ඊර්ෂාවෙන් මේ පැමිණිල්ල කර ඇති බවත් ඔහු කීවේය.

මෙම ගුරුවරයා කොළඹ කොටුම මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට පැවසුවේ ඇය විදුහල්පතිට නොකියා සිසුන් පිරිසක් සමග එතෙර ගිය බවයි.

ලිඛිත කරුණු දක්වන ලෙස දෙපර්ශ්වයටම නියෝග කළ මහේස්ත්‍රාත් නඩුව ලබන 13 කල් තැබීය.