‘මෙවර ශිෂ්‍යත්ව විභාගයේ සමත් ලකුණු මට්ටම ඉතාම වැඩි බවට සමාජයේ මතයක් තිබුණා. එක් ප්‍රශ්න පත්‍රයකට ලකුණු 80 බැගින් ගත්තත් ඒ මට්ටමට ළඟා වෙන්න බැහැ. ඉතින් සමාජයේ දැඩි ඉල්ලීම මත සහ දේශපාලන හේතු මත ලකුණු මට්ටම අඩු කළා. ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රධාන දෙයක් තමයි ජනප්‍රිය පාසල් ලබා දීම. දැන් ලකුණු මට්ටම අඩු කළා වගේම විභාගය සමත් සිසුන්ට නිසි ලෙස එම පාසලුත් ලබා දිය යුතුයි.‘ යැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේය.
ඔහු එලෙස කීවේ ලංකාදීප එසැණ සමග සාකච්ඡාවකට එක් වෙමිනි.
උපකාරක පන්ති සඳහා ආචාර ධර්ම පද්ධතියක් ගෙන ඒමෙන් උපකාරක පන්ති නීති ගත වන බවත්, එනිසා උපකාරක පන්ති වලට ආචාර් ධර්ම පද්ධතියක් හදුන්වා දීමට විරුද්ධ බවත් ඔහු කීවේය.
ගුරු විදුහල්පති උසස්වීම්, වැටුප් විෂමතා, නව සේවා ව්‍යවස්ථාව, අයවැයෙන් ලැබුණු සහන, පාසල්වල මුදල් එකතු කිරීම ආදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රශ්න රැසක් ගැන ඔහු අදහස් පළ කළේය.


