ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ සිට පැමිණි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන උසස් අධ්‍යාපන අමාත්‍යංශය අසලින් පස්වරු 6.30ට පමණ අවසන් විය.
මෙම පාගමනට සෑම විශ්ව විද්‍යාලයක්ම නියෝජනය වන පරිදි සිසුහු පන් දහසක් පමණ සහභාගී වූහ.
උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ තාප්පය උඩ නැගි සිසු නායකයෝ සටන් පාඨ කියමින් රැස්ව සිටි සිසුන් ඇමැතූහ.
ශිෂ්‍ය ව්‍යාපාරය යනු මර්දනය කළ හැකි ව්‍යාපාරයක් නොවන බවත්, අප මෙතැනට පැමිණියේ මාධ්‍ය ඉදිරියේ රඟපෑම් කරන්නටවත්, රාජ්‍ය දේපළ වලට හානි කිරීමටවත් නොව නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට බවත් පාගමනට සහභාගී වූ සිසුන් අමතමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා පැවසීය.
‘බොහෝ දෙනෙක් හිතුවා අද අපි ඇවිත් විශ්ව විද්‍යාල කොමිෂන් සභාවට හානි කරයි කියා. ඒක නිසා තමයි මෙතැන අද පොලිසිය නැත්තේ. අපි ගාව ඒ වගේ ගොන් පාට් නෑ. අපි ඕවට අහුවෙන්නෙත් නෑ. ඊයේ රෑ මාධ්‍ය සාකච්ඡා තිබ්බා අපිට එන්න දෙන්නේ නෑ කියලා. ඔන්න අපි ආවා. ඒත් එපා කිව්ව අය නෑ. පස්සේ දොරෙන් ගිහින්. ‘
හිට්ලර්ට, ජේ ආර්ට මර්දනය කරන්න බැරි වුණ ශිෂ්‍ය ව්‍යාපාරය මහින්දටවත් එස්.බීටවත් නතර කරන්න බෑ. ‘