‘ශිෂ්ට ඇඳුමින් උසාවි එන්න‘


උසාවි එන විට ශිෂ්ට සමිපන්න  ඇදුමින් සැරැසී එන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්   ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මතාගේ දියණිය හිරුණිකාට අද අවවාද කළාය.

හිරුණිකා ලා රෝස පාට  ලිනන් කුර්තාවක් හා කලිසමක් ඇඳ සිටියාය.

 බොරුල්ලේ කිංසි පාරේ  ව්‍යාපාරික ස්ථානයකට බලෙන් ඇතුළු වී ව්‍යාපාරිකයාට තර්ජන කළැයි ඇය අතුළු සිව්දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව සමථ මණ්ඩලයට යොමු කරන ලෙස  මහෙස්ත්‍රාත් නියෝග කළාය.

කසුන් සම්පත් , නිලූක දර්ශන, මුදිත ආර් බණ්ඩාර හා චමිල ප්‍රියංකර ද  රුපියල් ලක්ෂ දෙක බැගින් වු ඇප දෙකක්  මත මුදා හරින ලෙස නියම කළ මහේස්ත්‍රාත් සමථ මණ්ඩල වාර්තාව ලබන ජුලි 31 වැනිදා ඉදිරිපත් කරන්නැයි ද  නියෝග කළාය.