‘ශාරුක් ඛාන්ට ජයවේවා‘


බොරැල්ල කැම්බල් පිටියේ බොලිවුඩ් නළු සල්මන් ඛාන් සහභාගීවූ ජන රැලියකදී නිවේදක මහතා සභාව අමතමින් කීවේ ‘‘ශාරුක් ඛාන්ට ජයවේවා‘‘ යනුවෙනි.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ එය නිවැරදි කළේය. මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාද වේදිකාවේ සිටියේය.

සල්මන් හා ශාරුක් බොලිවුඩ් තිරයේ තරහකාරයෝය.

රාජගිරියේ සල්මන් ඛාන්ද සහභාගිවූ උත්සවයකට ආ කාරයක් ගැටීමෙන් ළමයින් දෙදෙනෙක් තුවාල ලදහ.

එක් ළමයකුගේ පාදයකට බරපතල තුවාල සිදුවී ඇති අතර අනෙක් ළමයා ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.

පොලිසිය කියනුයේ එකම නොම්මරය ඇති කාර් දෙකක් ඇති බව සොයාගෙන ඇති බවයි. වැල්ලවත්තේ 23 හැවිරිදි තරුණයකු කාරය පදවන්නට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

ඊට සමාන අනෙක් කාරය පුත්තම් දිස්ත්‍රික්කයේ දේශපාලනඥයකුගේ බව පොලිසිය කියයි.

එම උත්සවයෙන් පසු සල්මන් ඛාන් යළි ඉන්දියාව බලා පිටත්ව ගියේය.

 

 

වීඩියෝ දර්ශන Lanka Truth වෙබ් අඩවිය අනුග්‍රහයෙනි