ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් කිහිපදෙනකු ජාතික රජයේ ඇමැතිවරුන් ලෙස පත්වීම් ලැබිමට නියමිත යැයි විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා කියයි. සන්නිවේදනයේ අඩුපාඩුවක් නිසා ඔවුනට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිමට නොහැකිවූ බවද ඔහු පවසයි.
ශ්‍රීලනිපයේ පිරිසක් ඇමැතිකම් ලබා සිටියදී විපක්ෂ නායක පදවියද ශ්‍රීලනිපයේ කෙනකුට දැරිය හැකියැයි විපක්ෂ නායකවරයා සඳහන් කරයි. තමා විපක්ෂ නායකකමින් ඉවත් කළ හැක්කේ පක්ෂයට පමණක් බවද ඔහු පවසයි. සන්ධාන මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා පැවසූයේ ශ්‍රීලනිපයේ මන්ත්‍රීන් 90 දෙනකු විපක්ෂයේත් 28 දෙනකු ආණ්ඩු පක්ෂයේත් සිටින බවයි.

