ඒකාබද්ධ විපක්‍ෂය කොළඹ ඉබ්බන්වල හයිඩ් පිටියේදී බ්‍රහස්පතින්දා (17) පවත්වන රැලියට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් සහභාගී වුවහොත් ඔවුන්ට එරෙහිව පක්‍ෂ මධ්‍යම කාරක සභාව විනය ක්‍රියාමාර්ග ගන්නා බව සමාජ සවිබලගැන්වීම් සහ සමාජ සුභසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.
රටේ පවතින නීතියට අනුව පක්‍ෂයට විරුද්ධව කටයුතු කරන අයට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගෙන ඔවුන්ගේ මන්ත‍්‍රීධූරයද අහිමි කිරීමේ හැකියාව තිබෙන බව දිසානායක මහතා කියයි.
මෙම රැලියට සහභාගී වන මන්ත‍්‍රීවරුන් ගැනද පක්‍ෂ මධ්‍යම කාරක සභාව රැුස්වී පක්‍ෂයට අවම හානියක් වන පරිදි විනය ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ඇමතිවරයා සඳහන් කරයි.


