‘ශ්‍රීලනිපය හංසයාට ඡන්දය දුන්නා‘


‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන්න හදන්නේ ජනතා විමුක්ති පෙරමණ සහ හෙළ උරුමයයි. අම්බලන්ගොඩ තිබෙන මගේ පෙට්‍රල් ෂෙඩ් එකට රුපියල් කෝටි 170ක් ණය බවත්, පසුව ඒ මුදල ගෙව් බවත් කියල චම්පික රණවක ඇමැතිවරයා කියා තිබුණා. ඒක අමූලික බොරුවක්. මම එහෙම ණය වෙලත් නැහැ. ණයක් ගෙව්වෙත් නැහැ.‘ යි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා පැවසීය.

‘දැනට තිබෙන මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න එජාපය කැමැති වෙලා නැහැ.  

ගියවර හංසයාට ඡන්දය දුන් ශ්‍රීලනිප පාක්ෂිකයන් මෙවර අලියාට කතිරය ගහන්නේ නැහැ. මොන ක්‍රමයට ආවත් අපට දින්න පුළුවන්. ආසන ක්‍රමය ගේනන කියා අපි බල කරනවා.

මේ මාස දෙක තුනේ  කිසිදු සංවර්ධන වැඩක් කෙරෙන්නේ නැහැ.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු යවන්න අපි උදව් කළ යුතුයි. මනාප ගැටළුවක් කර ගන්නේ නැතුව පක්ෂය දිනවන්න. මට මේ දිනවල මාධ්‍යය මඩ ගහනවා. ‘