‘ශ්‍රී ලාංකිකයන්ට අනතුරක් නෑ‘


ප්‍රංශයේ පැරිස් නුවර සිකුරාදා (13) රාත්‍රියේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

එමෙන්ම අදාළ ප්‍රහාර වලින් ප්‍රංශයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට  මේ වන විට අනතුරුක් වී  නොමැති බව ප්‍රංශයේ ශ්‍රී ලාංකික තනාපතිවරයා සඳහන් කරයි.කෙසේ වෙතත් පැරිස් නුවර සිටින ශ්‍රී ලාංකිකයින්ට යම් තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් පහත දුරකතන අංකවලට ඇමතිය හැකි බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

එහි සිටින ලාංකිකයින් ගැන විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් 0033789238926 යන දුරකථන අංකයෙන් විමසන ලෙස ඔහු සඳහන් කරයි. මෙම ප්‍රහාරවලින් 150කට අධික පිරිසක් මියගොස් ඇති අතර ප්‍රහාරය සඳහා පැමිණි ත්‍රස්තවාදීන් ද 7 දෙනෙකු පමණ ආරක්ෂක අංශ අතින් මරුමුවට පත්ව ඇති බව වාර්තා වේ.