තිස් වසරක් තිස්සේ පැවති යුද්ධය හා බැඳුණු අභියෝග බ්‍රිතාන්‍ය කිසිවිටෙකවත් අවතක්සේරු නොකරන බවත් ,එම ප්‍රයත්නයේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය හා දිරිය බ්‍රිතාන්‍ය අඛණ්ඩව ලබා දෙන බවත් එරට එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබද නියෝජ්‍ය ඇමතිනී ජොයිස් ඇනිලේ සාමිවරිය කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කීවාය.
තිරසාර සාමයක් වෙනුවෙන් ඇති කැපවීම මෙන්ම ගැටුම් තුළදී සිදුවන ලිංගික හිංසනයන් පිළිබද විවෘතව කතා කරමින් ඒ ගැන වැඩි අවධානයක් යොමු කිරීමටද ලංකාව කටයුතු කළ යුතු යැයි ද ඇය කීවාය.
වසර 2020 වන විට ලංකාවෙන් සියලු බිම්බෝම්බ ඉවත් කිරීමේ ශ්‍රී ලංකාවේ ඉලක්කය සැපිරීම වෙනුවෙන් ඉදිරි වසර තුනකට පවුම් මිලියන 1.5 ක මුදලක් ලබා දීමට තම රජය තීන්දු කළ බව ද ඇය සඳහන් කළාය.