‘ශ්‍රී ලංකා ආර්ථික සමුළුව’ ජනවාරියේ


අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව 2023 වසරේදී ශ්‍රී ලංකාව ආර්ථික නව මං මාවත් සොයා ගැනීම අරමුණු කර ගනිමින් සංවිධානය කෙරෙන ‘ශ්‍රී ලංකා ආර්ථික සමුළුව’ ජනවාරි මස 7 සහ 8 යන දිනවලදී කොළඹ දී පැවැත්වෙයි.

ආර්ථික විශේෂඥයෙක් වන  ඕපන් සොසයිටි සමාගමේ සභාපති ජෝර්ජ් සොරොස් මහතා සහ නොබෙල් ත්‍යාගලාභී කොළොම්බියා විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ජෝසප් ස්ටිග්ලිට් යන මහත්වරු ප‍්‍රධාන ආරාධිත අමුත්තෝ වෙති.

සාර්ව ආර්ථිකය, රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය, ව්‍යූහාත්කමක වෙනස්කම්, තරගකාරීත්වය, නාගරීකරණය, කලාපීය සංවර්ධනය, සමාජ අන්තර්ගතය ආදී මාතෘකා රැසක් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

නව රජයේ ආර්ථික ඉලක්ක ජය ගනිමින් පොදු ජනතාවට වඩාත් ශක්තිමත් ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාවක් උරුම කර දීමට දායකත්වය සැපයීම ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ ප‍්‍රධාන අරමුණකැයි මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පැවැසීය.